මත්ද්‍රව්‍ය මර්දනය සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික සභාවක් – අමාත්‍ය ආනන්ද විජේපාල

දිගු කලක් තිස්සේ රට වෙලාගෙන ඇති මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් වත්මන් රජය විසින් නව ජාතික සහ දිස්ත්‍රික් මට්ටමේ සභා පිහිටුවීමට පියවර ගෙන ඇත. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරන්නේ මෙම වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් කරමින් එහි සමස්ත වගකීම සහ ජාතික සභාවේ සභාපතිත්වය ජනාධිපතිවරයා විසින්ම භාරගෙන ඇති බවයි.​මත්ද්‍රව්‍ය භාවිතයට සහ ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් කොල්ලුපිටිය මංසන්ධිය දක්වා සංවිධානය කර තිබූ දැවැන්ත පාගමනක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, තරුණ සේවා සභාව, කාන්තා සමිති මෙන්ම මහජන ආරක්ෂක කමිටු සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.​එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ කාලයක සිට ශ්‍රී ලංකාව මුහුණ දෙන මෙම මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට මුදවා ගැනීම සඳහා රජය මේ වන විටත් විධිමත් හා ශක්තිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *