ප්‍රදේශ කිහිපයකින්ම වෙළෙඳපොළ වෙත ලැබෙන මත්ස්‍ය තොග ප්‍රමාණය ඉහළ යාම නිසා මාළු මිලෙහි යම් අඩුවීමක් දැකගත හැකි බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ගේ සංගමය සඳහන් කරයි.වර්තමාන මිල ගණන් යටතේ ලින්නා කිලෝවක තොග මිල රුපියල් 800ක් ලෙස සටහන් වන අතර, බලයා කිලෝවක් රුපියල් 800ත් 900ත් අතර මිලකට අලෙවි කෙරේ.



























