හලාවත – කුරුණෑගල මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා

බිංගිරිය ශ්‍රී දේවගිරි රජමහා විහාරස්ථානයේ බිනර මහා පෙරහැර පැවැත්වීම හේතුවෙන් හලාවත – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනය තාවකාලිකව සීමා කරන බව පොලිසිය නිවේදනය කර තිබේ.​ඒ අනුව, හෙට (19) රාත්‍රී 7.00 සිට 9.00 දක්වා වන කාල සීමාව තුළ අදාළ ප්‍රදේශයෙන් පෙරහැර ගමන් කිරීමට නියමිතය. එම කාලය තුළ මෙම මාර්ගයේ ගමන් ගන්නා රියැදුරන්ට ඇතිවිය හැකි අපහසුතා මඟහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,369

Leave A Reply

Your email address will not be published. Required fields are marked *