මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීමට පෙර පාසල් දරුවන්ගේ ඇඳුම් පැළඳුම් පිළිබඳ උපදෙස්

පවතින ඩෙංගු ව්‍යාප්තිය පාලනය කරමින් දරුවන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින්, පෙර පාසල් යන දරුවන්ගේ අත් සහ පාද ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සරසා දරුවන් පෙර පාසල් වෙත යොමු කරන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියි. අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය.​මුල් ළමාවිය ජාතික සතිය සැමරීම පිළිබඳව දැනුවත් කිරීමේ මෙම වැඩසටහනේදී අමාත්‍යවරිය පෙන්වා දුන්නේ පාසල් සිසුන් මෙන්ම පෙර පාසල් දරුවන් ද මදුරු දෂ්ඨනයෙන් ඇති විය හැකි සෞඛ්‍ය අවදානමෙන් මුදවා ගැනීම සඳහා දෙමව්පියන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවයි.​මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ද පාසල් සිසුන්ට මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා අත්පා ආවරණය වන පරිදි ඇඳුම් ඇඳ පාසල් පැමිණීමට අවසර ලබා දීමට තීරණය කර තිබුණි. එම ප්‍රතිපත්තියට සමගාමීව, පෙර පාසල් දරුවන් වෙනුවෙන් ද මෙවැනි පියවරක් ගැනීම හරහා ඩෙංගු රෝග ව්‍යාප්තිය අවම කර ගැනීමට සහ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට හැකි වනු ඇතැයි බලධාරීන් විශ්වාස කරයි.

What's your reaction?

Related Posts

1 of 1,235

Leave A Reply

Your email address will not be published. Required fields are marked *