මන්ත්‍රී අර්චුනා අද යළි අධිකරණයට

කාන්තාවකට ගිනිඅවියක් පෙන්වා තර්ජනය කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද (29) දිනයේදී මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී පසුගිය 25 වනදා මෙම සිදුවීම සිදුව ඇති බව වාර්තා වේ.​අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලිසිය විසින් පසුගිය 27 වනදා මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගත් අතර, එදිනම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි. ඒ අනුව, පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මන්ත්‍රීවරයා අද අධිකරණය වෙත රැගෙන ඒමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,118

Leave A Reply

Your email address will not be published. Required fields are marked *