නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් ඔන්ලයින් මූල්‍ය වංචාවල නිරත වූ බවට සැකපිට විදේශිකයන් 21 දෙනෙකු මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය, C.I.D. සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව එකතුව මරදාන ටෙක්නිකල් හන්දියේ පිහිටි ගොඩනැගිල්ලක කළ වැටලීමකදී මොවුන් හසුකර ගෙන ඇත.අත්අඩංගුවට පත් වූවන් අතර චීන ජාතිකයින් 12ක්, බංග්ලාදේශ ජාතිකයින් 6ක් සහ ඉන්දීය ජාතිකයින් 3ක් ඇතුළත් වේ. පොලිස්පතිවරයාගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදෙස් පරිදි මොවුන් පවත්වාගෙන ගිය ජාවාරමේ තරම සහ ජාලය පිළිබඳ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක වේ.



























