මහජන හදිසි නීතිය දීර්ඝ නොකිරීමට තීරණයක්

​’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් රට තුළ පැවති ආපදා තත්ත්වය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක කර තිබූ මහජන හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර තිබේ. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව තහවුරු කළේය.​අද (01) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය. සුළි කුණාටුවෙන් පසුව ක්‍රියාත්මක වූ මෙම නීතිමය තත්ත්වය මෙම මාසයේ සිට අහෝසි කිරීමට රජය විසින් පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,248

Leave A Reply

Your email address will not be published. Required fields are marked *