ශ්‍රී ලාංකේය සරසවි සිසුන්ගේ ප්‍රමුඛතම මූල්‍ය අනුග්‍රාහකයා වන ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල මගින් නිර්මාණය කළ “මහපොළ ඇළුමිනි” නිල වෙබ් ද්වාරය හෙට (12) පෙරවරු 9.00 ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනගත කෙරේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සුවිශේෂී උත්සවයේදී, 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා තේරී පත්වූ නවක ශිෂ්‍යත්වලාභීන් වෙත නිල සහතික පත්‍ර ප්‍රදානය කිරීමද සිදු කිරීමට නියමිතය.මෙම අවස්ථාව සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ද සහභාගී වන අතර, දිවයින පුරා විසිරී සිටින මහපොළ ප්‍රතිලාභී ආදි විද්‍යාර්ථීන් එකම ජාලයකට සම්බන්ධ කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. දශක කිහිපයක් පුරා දේශීය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ශක්තියක් වූ මහපොළ අරමුදල, මෙම නව තාක්ෂණික පිවිසුම හරහා සිය සේවාවන් තවදුරටත් නවීකරණය කිරීමට අපේක්ෂා කරයි.

























