මහබැංකු පොලී අනුපාත ලබන සතියේ ඉහළ යා හැකි බවට හර්ෂ ද සිල්වා අනතුරු අඟවයි

පවතින ආර්ථික සහ ඩොලර් අර්බුදය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාත ලබන සතිය වන විට 0.5%කින් හෝ 1%කින් (පදනම් අංක 50ත් 100ත් අතර ප්‍රමාණයකින්) ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. දේශපාලන පොරොන්දු කුමන මට්ටමක තිබුණද, වත්මන් මූල්‍ය වෙළෙඳපොළ තුළ රජය කෙරෙහි පවතින විශ්වාසය පළුදු වීම හේතුවෙන් රජයට දැරීමට සිදුවන පොලී පිරිවැය මේ වන විටත් ඉහළ යමින් පවතින බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.​පොලී අනුපාත මෙලෙස ඉහළ යාම රජයේ ණය පියවීමේ පිරිවැය සෘජුවම වර්ධනය වීමට හේතු වන අතර, එම පාඩුව පියවා ගැනීම සඳහා ඉදිරියේදී මහජනතාව මත පැටවෙන බදු බර තවදුරටත් වැඩි කිරීමට රජයට සිදුවනු ඇත. මෙම තත්ත්වය සමස්ත ජන ජීවිතයට මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයටද දැඩි බලපෑමක් එල්ල කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.​මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය එක්ව වෙළෙඳපොළ ප්‍රතිපත්ති නිසි ලෙස කළමනාකරණය කරමින් මෙම මූල්‍ය අර්බුදයට වහාම මැදිහත් විය යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි. එසේ නොමැති වුවහොත් රටේ සමස්ත මූල්‍ය පද්ධතියම බිඳ වැටීමේ බරපතළ අවදානමක් පවතින බව ද ඔහු මෙහිදී දැඩිව කියා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,152

Leave A Reply

Your email address will not be published. Required fields are marked *