මහින්දගේ වත්කම් ප්‍රකාශ ලබාදීමට අල්ලස් කොමිසමෙන් දැඩි නියෝගයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා දිවුරුම් පෙත්සමක් මගින් වැඩි කාලයක් ඉල්ලා සිටියද, එම ඉල්ලීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඒ වෙනුවට සති දෙකක සහන කාලයක් පමණක් ලබා දෙමින්, එම කාලය ඇතුළත අදාළ ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොමිසම විසින් හිටපු ජනාධිපතිවරයා වෙත පසුගිය අඟහරුවාදා ලිඛිතව දැනුම් දී ඇත. මීට පෙර ඔහු විසින් ඉදිරිපත් කර තිබුණේ වත්කම් ලේඛනවලින් කොටසක් පමණක් බව වාර්තා වේ.​මේ අතර හිටපු ජනාධිපති බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමින් පවතින දේපළක් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන්, එහි විකිණීම් හෝ පැවරීම් කටයුතු වළක්වාලමින් අල්ලස් කොමිසම තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. මෙම දේපළට අදාළව අවශ්‍ය කරන තොරතුරු කඩිනමින් ලබාදීමට අපොහොසත් වුවහොත්, එම දේපළ රාජසන්තක කිරීමට පවා සිදුවන බවට කොමිසම අනතුරු අඟවා ඇත.​වත්කම් බැරකම් හෙළි කිරීමේ නීතිමය ක්‍රියාවලිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අල්ලස් කොමිසම තීරණය කර ඇති අතර, දේශපාලන බලපෑම්වලින් තොරව මෙම පරීක්ෂණ ඉදිරියට ගෙන යන බව පෙනී යයි. හිටපු ජනාධිපතිවරයාට ලබා දී ඇති සති දෙකක කාලය ඉක්මවීමට පෙර අදාළ සම්පූර්ණ දත්ත ලබා නොදෙන්නේ නම්, ඉදිරියේදී නීතිමය පියවර තවදුරටත් දැඩි වීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,120

Leave A Reply

Your email address will not be published. Required fields are marked *