මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට

ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙනුවෙන් 2013 වසරේදී ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව, ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය. කොමිසම විසින් කරන ලද නිල දැනුම්දීමකට අනුව ඒ මහතා මෙලෙස පැමිණි අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත.​මේ අතර, අදාළ දූෂණ විමර්ශනයටම සම්බන්ධව කරුණු විමසීම සඳහා හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කර ඇති බව වාර්තා වේ. ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව සිදුකෙරෙන පුළුල් විමර්ශන මාලාවක කොටසක් ලෙස මෙම කැඳවීම් සිදුකර ඇති බව සෞඛ්‍ය අංශ හා සම්බන්ධ ආරංචි මාර්ග තහවුරු කරයි.

What's your reaction?

Related Posts

1 of 1,137

Leave A Reply

Your email address will not be published. Required fields are marked *