මීරිගම, මදුරුපිටිය ප්‍රදේශයෙන් ගලා බසින මාඔයේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු ඊයේ (15) සවස හදිසියේ දියේ ගිලී අනතුරට ලක්ව තිබේ. ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී තරුණයින් දෙදෙනෙකු බේරාගෙන දඹදෙණිය රෝහලට ඇතුළත් කළ ද, ඉන් බරපතළ තත්ත්වයේ පසු වූ 19 හැවිරිදි මීරිගම පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.අනතුරින් අතුරුදන් වූ තවත් තරුණයෙකු සොයා මීරිගම පොලිසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වන විට පුළුල් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටී. කෙසේ වෙතත්, ජලයේ පවතින තත්ත්වයන් හේතුවෙන් එම මෙහෙයුම් කටයුතු අභියෝගාත්මක වී ඇති බව වාර්තා වේ.ආරක්ෂක විධිවිධානවලින් තොරව මෙවැනි ස්වභාවික ජල මූලාශ්‍ර වෙත පිවිසීම හේතුවෙන් සිදුවන ජීවිත හානි ඉහළ යමින් පැවතීම දැඩි අවධානයට ලක්විය යුතු කරුණකි. අනාතයේදී මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා ජල මූලාශ්‍ර ආශ්‍රිත ආරක්ෂක පියවරයන් දැඩි කිරීමට සහ ජනතාව දැනුවත් කිරීමට අදාළ අංශ කඩිනමින් පියවර ගත යුතුව ඇත.



























