ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස විශ්රාමික විනිසුරු වී. කේ. මලල්ගොඩ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත. පදවි කාලය අවසන් වීම නිසා පුරප්පාඩු වූ ධුරයන් වෙනුවෙන් මෙම නව පත්වීම් සිදු කර තිබේ.එහි සෙසු සාමාජිකයන් ලෙස එස්.වයි.එම්. ගෝමස්, ඒ.එල්.ඒ. අසීස්, වෛද්ය එස්.එස්.එස්.බී.ඩී.එච්. ජයවර්ධන සහ මහාචාර්ය ටී. ජයසිංගම් යන මහත්ම මහත්මීන් පත් කර ඇත.ජනාධිපති ලේකම් කාර්යාලයේදී සංවිධානය කර තිබූ විශේෂ හමුවකදී, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් මෙම අදාළ පත්වීම් ලිපි නව සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් වෙත නිල වශයෙන් භාර දෙන ලදී.



























