මානව හිමිකම් කොමිසමේ පුරප්පාඩු සඳහා අයැදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පවතින සාමාජික ධුරයන්හි පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන්ගෙන් අයැදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පියවර ගෙන තිබේ. මේ සඳහා වන නිල අයැදුම්පත්‍ර ආකෘතිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවිය (www.parliament.lk) වෙත පිවිසීමෙන් ලබාගත හැකි අතර, සම්පූර්ණ කරන ලද අයැදුම්පත් 2026 ජුලි මස 31 වැනිදා හෝ ඊට පෙර යොමු කළ යුතු වේ.​අයැදුම්කරුවන් තම අයැදුම්පත් ‘වැඩබලන මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ’ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. මීට අමතරව, [email protected] යන නිල විද්‍යුත් ලිපිනය (E-mail) ඔස්සේ ද අයැදුම්පත් භාර දීමේ හැකියාව පවතී.​තැපෑලෙන් යොමු කරන ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ විද්‍යුත් ලිපියක් මගින් එවන්නේ නම් එහි විෂය (Subject) ක්ෂේත්‍රයේ ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ යනුවෙන් පැහැදිලිව සඳහන් කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වැඩිදුරටත් දන්වා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,246

Leave A Reply

Your email address will not be published. Required fields are marked *