පොදු ප්‍රවාහන බස් රථ ඇතුළු දිවයිනේ සියලු වාහනවල තත්ත්ව පරීක්ෂාව ලබන සැප්තැම්බරයේ සිට

පොදු ප්‍රවාහන බස් රථ ඇතුළු දිවයිනේ ධාවනය වන සියලුම වාහන විශේෂ තත්ත්ව පරීක්ෂාවකට ලක් කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලය තීරණය කර තිබේ. ඒ අනුව මෙම නව වැඩපිළිවෙළ ලබන සැප්තැම්බර් මාසයේ සිට දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.​පොදු ප්‍රවාහන සේවාවන්හි සිදුවන රිය අනතුරු ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන සාධකයන් ලෙස රියදුරන්ගේ නොසැලකිලිමත්භාවය මෙන්ම වාහනවල පවතින විවිධ යාන්ත්‍රික දුර්වලතා හඳුනාගෙන තිබේ. මෙම අවදානම් සහගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික කවුන්සිලය මෙම පියවර ගෙන ඇත.​ප්‍රමිතිගත අයුරින් සිදු කෙරෙන මෙම ක්ෂේත්‍ර පරීක්ෂණ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලත් තාක්ෂණික නිලධාරීන් බඳවා ගැනීමේ මූලික කටයුතු ද මේ වන විට සම්පූර්ණ කර ඇති බව එම කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,245

Leave A Reply

Your email address will not be published. Required fields are marked *