මා ඔය පාලමේ වාහන ගමනාගමනය සීමා කෙරේ

“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ගිරිඋල්ල පොලිස් වසමේ පිහිටි මා ඔය පාලමේ සිරවී ඇති උණ පඳුරු සහ ගස් මුල් ඇතුළු සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු හෙට (11) සහ අනිද්දා (12) යන දිනවලදීත් සිදු කිරීමට නිට්ටඹුව මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත. මේ හේතුවෙන් එම දින දෙකෙහි උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා පාලම මතින් රථවාහන ධාවනය සීමා කෙරෙන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව පන්නල දෙස සිට කොළඹ දෙසට ධාවනය වන වාහන බෝපිටිය සහ මැල්ලවලාන හන්දියෙන් කොටදෙනියාව මාර්ගයටත්, කුරුණෑගල දෙස සිට එන වාහන මහරගම, බෝයවලාන, නවතල්වත්ත සහ අඹේපුස්ස හරහා හද්දමුල්ල හන්දියෙන් කොළඹ මාර්ගයටත් යොමු විය යුතුය.​එමෙන්ම කොළඹ දෙස සිට ගිරිඋල්ල සහ කුරුණෑගල දෙසට ගමන් ගන්නා රථවාහන කොටදෙනියාව සහ මැල්ලවලාන හරහා බෝපිටිය මාර්ගයෙන් කුරුණෑගල – මීගමුව මාර්ගයට පිවිසිය හැකි බව පොලිසිය පවසයි. නිට්ටඹුව දෙස සිට ගිරිඋල්ල සහ කුරුණෑගල දෙසට ධාවනය වන වාහන සඳහා කණ්ඩලම, අඹේපුස්ස ගොවිපොළ හන්දිය, නවතල්වත්ත සහ බෝයවලාන හරහා මහරගම හන්දියෙන් මීගමුව – කුරුණෑගල ප්‍රධාන මාර්ගයට පිවිසීමට විකල්ප මාර්ග සලසා ඇත. මෙම සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු හේතුවෙන් සිදුවන අපහසුතාව වළක්වා ගැනීමට කල්වේලා ඇතිව විකල්ප මාර්ග භාවිත කරන ලෙස දන්වා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,182

Leave A Reply

Your email address will not be published. Required fields are marked *