මැදපෙරදිග අර්බුදය නිසා FitsAir කොළඹ – ඩුබායි ගුවන් ගමන් අත්හිටුවයිමැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින්, කොළඹ සහ ඩුබායි අතර ගුවන් ගමන් වාර තාවකාලිකව නතර කිරීමට FitsAir ගුවන් සමාගම පියවර ගෙන තිබේ. කලාපයේ ආරක්ෂක තත්ත්වය අඛණ්ඩව අධීක්ෂණය කිරීමෙන් පසු, සියලු කටයුතු සාමාන්‍ය අතට හැරුණු විගස අදාළ ගුවන් සේවාවන් යළි ආරම්භ කිරීමට ඔවුන් සැලසුම් කර ඇත.ඒ අනුව, තාවකාලිකව නතර කර ඇති මෙම ගුවන් ගමන් යළි ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ 2026 නොවැම්බර් 19 වැනි දින සිටය. ගුවන් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ කලාපීය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන තිබේ.


























