ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදිරිගිරිය ආසන බල මණ්ඩලයේ සභාපති චින්තක ටෙරන්ස් විජේරත්න නමැත්තා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් භාරයට ගෙන තිබේ. හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර, සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු සමඟ බිරිඳද ගමන් කරමින් සිටි බව හෙළිවී ඇත.අදාළ සැකකාර සභාපතිවරයා මත්කුඩු තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වේ. සිදුකළ වැටලීමේදී සැකකරුගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.



























