මුතුර්හිදී සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කෙරේ..

මුතුර් දාහානගර් ප්‍රදේශයේ නිවසකදී  සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක  සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ලර් මහතා සඳහන් කළේ, කැපුම් තුවාල සහිත ඔවුන්ගේ සිරුරු අද(14) අලුයම සොයා ගත් බවයි.

ඝාතනයට ලක්ව ඇත්තේ 68 හා 72 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.

කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදු කරන්නට ඇත්දැයි විමර්ශන ක්‍රියාත්මක බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

What's your reaction?

Related Posts

1 of 1,270

Leave A Reply

Your email address will not be published. Required fields are marked *