ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව, මේ වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 94,805 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩෙංගු මරණ 72 ක් ද වාර්තා වී තිබේ. මාසික දත්තයන්ට අනුව ජුනි මාසයේදී රෝගීන් 21,533 ක් සහ ජූලි මාසයේදී රෝගීන් 29,962 ක් වාර්තා වී ඇති අතර, අගෝස්තු මාසයේ මේ දක්වා පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 9,469 කි.පළාත් මට්ටමින් බස්නාහිර පළාතෙන් රෝගීන් 50,167 ක් (සියයට 52.92 ක්) වාර්තා වී ඇති අතර, එය සමස්ත රෝගීන්ගෙන් වැඩිම ප්‍රතිශතය වේ. මීට අමතරව, දකුණු පළාතෙන් රෝගීන් 13,823 ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,624 ක් වාර්තා වී තිබේ. දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් (20,207 ක්) වාර්තා වන අතර, කොළඹ (18,794 ක්), මහනුවර (6,913 ක්), කළුතර (6,117 ක්) සහ ගාල්ල (6,111 ක්) යන දිස්ත්‍රික්කවලින් ද වැඩි රෝගීන් පිරිසක් වාර්තා වී ඇත.මේ අතර, දිවයින පුරා වෛද්‍ය නිලධාරී කොට්ඨාස (MOH) 76 ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.



























