බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ඉදිරියේදී විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව, ඌව පළාතේ මෙන්ම අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ද සවස් කාලයේදී එනම් පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතී. කෙසේ වෙතත්, දිවයිනේ ඉතිරි ප්‍රදේශවල සාමාන්‍යයෙන් වියළි කාලගුණික ස්වභාවයක් අපේක්ෂා කළ හැක.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, මොණරාගල, හම්බන්තොට සහ මාතලේ යන දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර ප්‍රමාණයක තද සුළං ඇති වීමේ අවදානමක් පවතී.ගිගුරුම් සහිත වැසි සමඟ හමා යා හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ අංශ විසින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.



























