මෝටර් රථ ලියාපදිංචි කිරීමේදී මෙන්ම අනෙකුත් සේවාවන් ලබා ගැනීමේදී මතුවන විවිධ ගැටලු, අල්ලස් ලබා ගැනීම් සහ මහජනතාව මුහුණපාන විවිධ පීඩාවන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මෝටර් රථ ප්රවාහන කොමසාරිස්වරයා විසින් නව ක්රමවේදයක් හඳුන්වා දී තිබේ.ඒ අනුව, ජනතාවට මුහුණපෑමට සිදුවන එවැනි අක්රමිකතා පිළිබඳව ලිඛිතව 074 245 3300 යන විශේෂ වට්ස්අප් අංකය වෙත පණිවිඩයක් මඟින් දැනුම් දිය හැකිය. කෙසේ වෙතත්, මෙම අංකය වෙත දුරකථන ඇමතුම් ලබා ගැනීමෙන් වැළකී සිටිය යුතු අතර, පැමිණිලි යොමු කිරීම සඳහා වට්ස්අප් පණිවිඩ පමණක් භාවිතා කරන ලෙස බලධාරීන් වැඩිදුරටත් අවධාරණය කර සිටී.



























