දිවයින හරහා නිරිත දිග මෝසම් කාලගුණය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහිත තත්ත්වය ඉදිරි පැය කිහිපයේදීත් තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ යටතේ බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකි අතර, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවීමේ අවදානමක් පවතී.මීට අමතරව, උතුරු පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා වැසි වාර කිහිපයක් ද, ඌව පළාත, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලට පස්වරු 2.00 න් පසුව තැනින් තැන ගිගුරුම් සහිත වැසි ද ඇති විය හැක. පවතින තත්ත්වය මත මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු-මැද, වයඹ, දකුණු පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය හරහා පැයට කිලෝමීටර් 35 ත් 45 ත් අතර වේගයකින් හමන තරමක තද සුළං බලාපොරොත්තු විය හැකියි.පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

























