මෙවර යළ කන්නයේ වී අස්වනු කිසිදු බාධාවකින් තොරව සාධාරණ මිලකට මිල දී ගැනීමේ වැඩසටහන දිවයින පුරා සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට රජයේ ස්ථාවර මිල යටතේ වී මිල දී ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.එම ව්‍යාපෘතිය වෙනුවෙන් සමස්තයක් ලෙස රුපියල් මිලියන 109ක් වෙන් කර ඇති අතර, එහි පළමු අදියර යටතේ මේ වන විට රුපියල් මිලියන 50ක මුදලක් මුදා හැර තිබේ. මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රදේශයේ ද යළ කන්නයේ අස්වනු නෙළීමෙන් පසු වී තොග කන්තලේ ගබඩාව වෙත ලැබෙමින් පවතින අතර, මේ වන විට එම දිස්ත්‍රික්කයෙන් පමණක් වී මෙට්‍රික් ටොන් 800කට වැඩි ප්‍රමාණයක් සාර්ථකව මිල දී ගෙන ඇත.



























