යාපනයත් තමිල්නාඩුවට දෙන්නැයි මන්ත්‍රී අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

කච්චතිව් දූපතට අමතරව සම්පූර්ණ යාපනය අර්ධද්වීපයම ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පවරා දිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අද (05) සභාගර්භයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය. තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස පත්වූ විජේ මහතා වෙත සුබ පැතුම් එක් කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, එවැනි පියවරක් මගින් මෙරට පීඩිත දෙමළ ජනතාවගේ ආරක්ෂාව තමිල්නාඩු රජය විසින් තහවුරු කරනු ඇති බවයි. කච්චතිව් දූපත ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වන අකමැත්ත පිළිබඳවද ඔහු මෙහිදී සිය අදහස් පළ කළේය.​වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ, තමිල්නාඩු මහ ඇමතිවරයා කච්චතිව් දූපත ඉල්ලා සිටින අවස්ථාවක තමන් යෝජනා කරන්නේ කච්චතිව් දූපත සමඟ යාපනය ද ලබා දිය යුතු බවයි. තමිල්නාඩු ජනතාව සහ එරට පාලනය සමඟ එක්වීමෙන් මෙරට දෙමළ ජනතාවට වැඩි ආරක්ෂාවක් සැලසෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද අර්චුනා මහතා සිය කතාවේදී පෙන්වා දුන්නේය. මෙම ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දැඩි අවධානයට ලක්වූ කරුණක් බවට පත්විය.

What's your reaction?

Related Posts

1 of 1,127

Leave A Reply

Your email address will not be published. Required fields are marked *