යෝෂිත රාජපක්ෂගේ පෙත්සම පිළිබඳ නියෝගය ජූලි 03 දාට

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවකට අදාළව යෝෂිත රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක තීන්දුව ලබන ජූලි මස 03 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (16) නිවේදනය කළේය. අදාළ නඩුවේ සඳහන් වන ‘කුමන්ත්‍රණය’ යන චෝදනාව පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.​අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්විණි. එහිදී පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් මහතා කරුණු දැක්වූ අතර, නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. දෙපාර්ශවයේම කරුණු තකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල විසින් පෙත්සම් විභාගය අවසන් කරමින් අදාළ තීන්දුව ලබා දීම සඳහා මෙලෙස දින නියම කරනු ලැබීය.

What's your reaction?

Related Posts

1 of 1,192

Leave A Reply

Your email address will not be published. Required fields are marked *