කොළඹ මහාධිකරණයේදී අද (17) යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති මුදල් විශුද්ධිකරණ නඩුව කැඳවනු ලැබීය. දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලින් රුපියල් ලක්ෂ 730කට අධික වටිනා ඉඩම් පහක් මිලදී ගැනීමේ සිද්ධියකට අදාළව, මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව පවරා තිබේ.අද දින නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ මඟපෙන්වීම යටතේ සාක්ෂි විභාග කිරීම සිදුවිය. එම අවස්ථාවේදී විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා විසින් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න විමසීමක්ද සිදු කරන ලදී.ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 24 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.























