විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රංග නිශාන්ත මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සඳහා බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියේ සහය ලබාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (06) සභාවේදී අවධාරණය කළේය. මියගිය නිලධාරියාගේ සිරුරේ බරපතළ තුවාල පවතිද්දී, විද්‍යාත්මක පරීක්ෂණ නිමවීමටත් පෙර මෙය සියදිවි නසාගැනීමක් බවට පොලිසිය නිගමනය කිරීම දැඩි සැකයට තුඩු දෙන්නක් බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.රජය සහ දේශීය විමර්ශන කණ්ඩායම් පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි පසුබිමක් තුළ, මෙම මරණය පිටුපස සැඟවුණු රහසක් පවතින බව රහුමාන් මහතා සඳහන් කළේය. මරණයට හේතුව අධිකරණ වෛද්‍යවරුන් වාර්තා කළද, එය සිදුවූ ආකාරය තීරණය කිරීමේ වගකීම මරණ පරීක්ෂකවරයා සතු බවත්, සත්‍යය අනාවරණය කර ගැනීමට නම් විදේශීය විමර්ශන නිලධාරීන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

























