රුපියල් කෝටි 12ක අල්ලස් සිද්ධියට අදාළව නීතිඥ රඛිත රාජපක්ෂ ඇතුළු තිදෙනාට මහේස්ත්රාත් අධිකරණයෙන් ලැබුණු ඇප අවලංගු කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම ගොනු කළ ප්රතිශෝධන පෙත්සම් විභාගය ලබන වසරේ පෙබරවාරි 09 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.මෙහිදී වගඋත්තරකරුවන්ගේ විරෝධතා නොවැම්බර් 14 වනදාත්, පෙත්සම්කරුවන්ගේ විරෝධතා නොවැම්බර් 28 වනදාත් ගොනු කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරන ලදී.



























