මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 12 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.රුපියල් ලක්ෂ 730කට අධික මුදලක් වැය කරමින් දෙහිවල සහ රත්මලාන ප්රදේශවලින් ඉඩම් කොටස් 5ක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.



























