රඛිත රාජපක්ෂ , චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් යළි අධිකරණයට

​සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සම්බන්ධ වංචනික ක්‍රියාවකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසක් අද (28) අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.​මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනාය.​මෙම අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ සැකකරුවන් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබිණි.

What's your reaction?

Related Posts

1 of 1,259

Leave A Reply

Your email address will not be published. Required fields are marked *