රජයෙන් වී මෙට්‍රික් ටොන් 39,500ක් මිල දී ගැනීමට සැලසුම්

මෙරට වී අස්වනු නෙළන කාලසීමාවේදී ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීම රජයේ මූලික ඉලක්කය බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. මෙම වැඩපිළිවෙළ යටතේ පසුගිය දින වන විට පමණක් වී කිලෝග්‍රෑම් 25,450ක ප්‍රමාණයක් රජය විසින් මිලදීගෙන ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.​කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සුරක්ෂිතභාවය සහ ගොවි ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය හරහා වී තොග එක්රැස් කිරීම කඩිනමින් සිදු කෙරේ. මෙවැනි පියවර මගින් දේශීය වී අලෙවිකරණයේ ස්ථාවරභාවයක් ඇති කිරීමටත්, ගොවීන්ගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් සහතික කිරීමටත් රජය අපේක්ෂා කරයි.

What's your reaction?

Related Posts

1 of 1,236

Leave A Reply

Your email address will not be published. Required fields are marked *