රත්නපුරේ නීතිවිරෝධී ලෙස මැණික් ගැරූ පස්දෙනෙකු අත්අඩංගුවට

රත්නපුර, හකපුව පාර ප්‍රදේශයේ වේ ගඟ ආශ්‍රිතව කිසිදු බලපත්‍රයක් නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන් පස්දෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (09) සිදුකළ විශේෂ වැටලීමකදී මෙම පිරිස කොටුකරගෙන ඇති අතර, මැණික් ගැරීම සඳහා ඔවුන් භාවිතා කළ විවිධ උපකරණ රැසක් ද පොලිස් භාරයට ගැනීමට නිලධාරීන් පියවර ගෙන ඇත.​පොලිස් වාර්තාවලට අනුව මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 30 ත් 43 ත් අතර වයස් සීමාවල පසුවන රත්නපුර ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසකි.​රාජ්‍ය බලපත්‍රවලින් තොරව මෙලෙස පරිසරයට හානි කරමින් සිදුකළ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව රත්නපුර පොලිසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,272

Leave A Reply

Your email address will not be published. Required fields are marked *