රත්මලානේ මුදල් කොල්ලයක් පිටුපස සිටි පොලිස් නිලධාරීන් සහ සැකකටයුතු පැමිණිලිකරුවන් දැලට

රත්මලාන ගුවන්තොටුපළ මාර්ගයේදී ත්‍රිරෝද රථයක් නවතා එහි රියදුරා සන්තකයේ තිබූ රුපියල් 380,000ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 15 වනදා සිදු වූ මෙම සිදුවීම පිළිබඳව මොරටුව, අඟුලාන ප්‍රදේශයේ පදිංචි අදාළ රියදුරා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය දීර්ඝ විමර්ශනයකින් පසු මෙම සැකකාර නිලධාරීන් දෙදෙනා කොටු කර ගැනීමට සමත්ව ඇත.​කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ කොල්ලකෑමට ලක්වූ බව කියන මුදල් පිළිබඳව පැමිණිලිකාර රියදුරු ලබාදුන් තොරතුරු අසත්‍ය බවයි. එම මුදල් ‘සිට්ටු මුදල්’ බවට ඔහු ප්‍රකාශ කළද, ඒවා මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ මුදල් බවට සැකකෙරෙන සාක්ෂි හමුවීම නිසා පැමිණිලිකාර ත්‍රිරෝද රථ රියදුරු සහ මීට පෙරද මත්ද්‍රව්‍ය චෝදනා ලැබ සිටි 55 හැවිරිදි කාන්තාවක ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ඇතුළු සැකකරුවන් පිරිස ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් සිද්ධිය පිළිබඳ ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකය.

What's your reaction?

Related Posts

1 of 1,146

Leave A Reply

Your email address will not be published. Required fields are marked *