රත්මලානේ සයිමා මෙරටට රැගෙන එයි

මැලේසියාවේදී අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධකරු වන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් “රත්මලානේ සයිමා” ඇතුළු සැකකරුවන් තිදෙනෙක් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (10) පස්වරුවේ දිවයිනට ළඟා කරවන ලදී.​ශ්‍රී ලංකා පොලිසිය සහ මැලේසියානු බලධාරීන් ඒකාබද්ධව ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම පිරිස අත්අඩංගුවට පත්විය. මීට වසර දශයකට පමණ පෙර මැලේසියාවට පලාගොස් ඇති මෙම සැකකරුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන ද නිකුත් කර තිබිණි.​පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ මූල්‍ය ජාලය මෙහෙයවීමේ ප්‍රධාන වගකීම දැරුවේ සයිමා විසින් බවයි. එපමණක් නොව, කංජිපානි ඉම්රාන්ගේ උපදෙස් මත තවත් අපරාධ කල්ලි සාමාජිකයින්ට මැලේසියාව තුළ යටපත්ව සිටීමට අවශ්‍ය පහසුකම් සපයා දී ඇත්තේද ඔහු විසින් වන අතර, මොහුට එරෙහිව මිනීමැරුම් ඇතුළු අපරාධ රැසක චෝදනා පවතී.​සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් විසින් අදාළ සැකකරුවන් මෙරටට භාරගනු ලැබූ අතර, ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සහ වැඩිදුර විමර්ශන මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී.

What's your reaction?

Related Posts

1 of 1,279

Leave A Reply

Your email address will not be published. Required fields are marked *