2026 උසස් පෙළ විභාග ප්‍රතිඵල මේ වසර අවසන් වීමට පෙර ලබා දීමට පියවර

2026 වසරේ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වසර අවසන් වීමට පෙර නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉංදිකා කුමාරි මහත්මිය පවසයි. අද (10) උදෑසන පැවති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළේ, සැප්තැම්බර් 3 වන දින ඇස්කෝල පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,532 කදී අද (10) ආරම්භ වූ මෙම විභාගය සැප්තැම්බර් 5 වන දින දක්වා පැවැත්වෙන අතර, පාසල් අයැදුම්කරුවන් 264,496 ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 107,814 ක් ඇතුළුව අපේක්ෂකයින් 372,310 දෙනෙක් මේ සඳහා පෙනී සිටිති. කිසිදු ගැටළුවකින් තොරව උදෑසන 8:30 ට විභාග කටයුතු සුපුරුදු පරිදි ආරම්භ වූ බවත්, මෙතෙක් දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් ආපදා තත්ත්වයක් වාර්තා වී නොමැති බවත් කොමසාරිස් ජනරාල්වරිය තවදුරටත් කියා සිටියාය.​විභාග අපේක්ෂකයින් සංශෝධිත කාලසටහන නිවැරදිව අනුගමනය කරන ලෙසත්, ජංගම දුරකථන, ස්මාර්ට් ඔරලෝසු හෝ ඉලෙක්ට්‍රොනික උපකරණ වැනි තහනම් ද්‍රව්‍ය විභාග ශාලාවට රැගෙන ඒමෙන් වළකින ලෙසත් ඇය දැඩි ලෙස ඉල්ී සිටියාය. විභාග ශාලා තුළ විනය විරෝධී ක්‍රියාවල නිරත වන අපේක්ෂකයින්ගේ ප්‍රතිඵල අත්හිටුවීම ඇතුළු දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇය අනතුරු ඇඟවීය. විභාග කාර්ය මණ්ඩලය අතර මධ්‍යස්ථානාධිපතිවරුන්ට සහ අතිරේක සහකාර මධ්‍යස්ථානාධිපතිවරුන්ට පමණක් රාජකාරී වේලාව තුළ ජංගම දුරකථන භාවිත කිරීමට අවසර ඇති අතර, නීති කඩ කරන ඕනෑම කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට එරෙහිව විභාග පනත යටතේ දැඩි විනය පියවර ගන්නා බව ද ඇය අවධාරණය කළාය.

What's your reaction?

Related Posts

1 of 1,279

Leave A Reply

Your email address will not be published. Required fields are marked *