ගල්කිස්ස පොලීසියට අනුයුක්තව මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටියදී සිය රාජකාරී ටී-56 ගිනි අවිය සොරකම් කර සංවිධානාත්මක අපරාධ කල්ලියකට ලබා දී ඩුබායි වෙත පළා ගොස් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අද (26) දිවයිනට රැගෙන විත් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ශ්රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සැකකරු අලුයම 5.20 ට පමණ යූ.එල්-226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය.අත්අඩංගුවට ගත් ජයකොඩි ආරච්චිගේ කවිඳු ආකාශ් ජයකොඩි නැමැති 26 හැවිරිදි සැකකරු අනුරාධපුර, පේමඩුව හැළඹගස්වැව ප්රදේශයේ පදිංචිකරුවෙකි.කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහුව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දීමට නියමිතය.



























