පූර්ණ රුධිර පරීක්ෂාව (FBC) සහ ඩෙංගු ප්‍රතිදේහ පරීක්ෂාව (NSI) වෙනුවෙන් රෝහල් හා රසායනාගාරවලින් අය කළ හැකි උපරිම මිල ගණන් සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. එළැඹෙන ජූලි 29 වැනි දින සිට මෙම නව මිල සීමාවන් බලාත්මක වන අතර, ඒ අනුව FBC පරීක්ෂණයක් සඳහා උපරිම අය කළ හැකි මුදල රුපියල් 400ක් වන අතර ඩෙංගු NSI පරීක්ෂණයක් සඳහා රුපියල් 1,200ක උපරිම මිලක් නියම කර තිබේ.මෙම වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගැනීමේදී අදාළ ආයතනයෙන් නිවැරදි මුදල් අය කිරීමේ රිසිට්පතක් ලබා ගන්නා ලෙස බලධාරීන් ජනතාවට උපදෙස් දෙයි. එසේම, නියමිත සීමාව ඉක්මවා වැඩි මුදලක් අය කිරීමට කටයුතු කළහොත්, ඒ පිළිබඳව 1977 යන ක්ෂණික ඇමතුම් අංකය හරහා පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිලි කරන ලෙසටද ඉල්ලා සිටී.























