ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 1,200,000 ඉක්මවයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්තවලට අනුව මේ වසරේ ජූලි 10 වනදා වන විට මෙරටට පැමිණි සමස්ත විදේශීය සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12 සීමාව පසුකර තිබේ. ජූලි 08 වනදා වන විට සංචාරකයින් 1,192,705ක් මෙරටට පැමිණ සිටි අතර, ඉන්පසු ගතවූ දින දෙක තුළ පැමිණි පිරිසත් සමඟ මෙම සුවිශේෂී කඩඉම වෙත ළඟාවීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇත.​මේ අතර, වත්මන් සංචාරක ව්‍යාපාරය හරහා උපයා ඇති සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ඉක්මවා ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය. වසර නිමාවීමට පෙර මෙරටට සංචාරකයින් ලක්ෂ 25ක් ආකර්ෂණය කර ගැනීමට ඉලක්ක කරන බවත්, ඉදිරි කාලයේදී තත්ත්වය තවදුරටත් සාර්ථක වුවහොත් එම අගය ලක්ෂ 27ත් 30ත් අතර මට්ටමක් දක්වා වර්ධනය විය හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 1,231

Leave A Reply

Your email address will not be published. Required fields are marked *