ජාත්‍යන්තර වෙළෙඳපොළ දත්තවලට අනුව ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන්වල සුළු අඩුවීමක් වාර්තා වී තිබේ. මේ අනුව බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 76.1ක් ලෙස සටහන් වන අතර, ඩබ්ලිව්.ටී.අයි. (WTI) බොර තෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 71.41ක අගයක පවතී.මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 7.9කින් පහත වැටී ඇති බව ද සඳහන් වේ.























