ලක්ෂ 65ක නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු කටුනායකදී කොටු වෙයි!

අබුඩාබි නුවර සිට මෙරටට පැමිණි තරුණ ව්‍යාපාරිකයෙකු රුපියල් ලක්ෂ 65ක් වටිනා නීතිවිරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමඟ අද (26) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අලුයම 3.30ට ඉටිහාඩ් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි අවස්ථාවේදී ගුවන්තොටුපොළ පොලිස් නිලධාරීන් විසින් සිදුකළ විශේෂ පරීක්ෂාවකදී මෙම ජාවාරම අනාවරණය කර ගැනීමට සමත් විය.​ගාල්ල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි මෙම පුද්ගලයා සන්තකයේ තිබූ ගමන් මලු 6ක් පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ ‘මැන්චෙස්ටර්’ වර්ගයේ දුම්වැටි 40,000ක් (කාටූන් 200ක්) සහ විද්‍යුත් දුම්වැටි (E-cigarettes) 32ක් සොයාගෙන තිබේ. ඉතා සූක්ෂ්ම ලෙස රේගු බදු ගෙවීම පැහැර හරිමින් මෙම තොගය මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බව විමර්ශන වලදී හෙළි විය.​අත්අඩංගුවට ගත් සැකකරු සහ නීතිවිරෝධී දුම්වැටි තොගය වැඩිදුර විමර්ශන කටයුතු සහ නීතිමය පියවර ගැනීම සඳහා අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ගුවන්තොටුපොළ හරහා සිදුවන මෙවැනි ජාවාරම් මැඩලීම සඳහා ආරක්ෂක අංශ මේ වන විට දැඩි සෝදිසි මෙහෙයුම් දියත් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,114

Leave A Reply

Your email address will not be published. Required fields are marked *