ලලිත් සහ කූගන් අතුරුදන්වීමේ නඩුව සඳහා ගෝඨාභය රාජපක්ෂට මාර්ගගතව සාක්ෂි දීමට අවසර

ලලිත් සහ කූගන් අතුරුදන්වීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අන්තර්ජාලය (Online) ඔස්සේ සාක්ෂි ලබාදීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද (02) අවසර ලබා දුන්නේය. දීර්ඝ කාලයක් තිස්සේ විභාග වන මෙම නඩුවට අදාළව හිටපු ජනාධිපතිවරයා අධිකරණය හමුවට කැඳවීමට මීට පෙර අවස්ථා කිහිපයකදීම පියවර ගෙන තිබිණි.​කෙසේ වෙතත්, ඔහුගේ නීතිඥ මණ්ඩලය විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සහ පවතින තත්ත්වයන් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය. හිටපු ජනාධිපතිවරයාගේ සාක්ෂි සටහන් කරගැනීමේ අත්‍යවශ්‍යතාවයක් පවතින බැවින්, භෞතිකව අධිකරණයට පැමිණීම වෙනුවට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එම සාක්ෂි විමසීමට මෙහිදී එකඟතාවය පළ විය.​මෙම නඩු විභාගය පැවැත්වෙන්නේ 2011 වසරේ දෙසැම්බර් මාසයේදී යාපනය ප්‍රදේශයේදී අතුරුදන් වූ ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගනාදන් යන දේශපාලන ක්‍රියාකාරිකයින් දෙදෙනාගේ සිදුවීම මුල් කරගනිමිනි. සැකකටයුතු ලෙස සිදුවූ මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා දැනට වසර කිහිපයක සිටම අධිකරණ ක්‍රියාමාර්ග ලෙදර්වෙමින් පවතී.

What's your reaction?

Related Posts

1 of 1,169

Leave A Reply

Your email address will not be published. Required fields are marked *