හෙට දිනයට (03) යෙදී ඇති ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මධ්‍යසාර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීම සහ මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම දිනය වාර්ෂිකව සමරනු ලැබේ.ලෝක මට්ටමින් ගත් කල මධ්‍යසාර භාවිතය නිසා මිලියන 03කට ආසන්න පිරිසක් වාර්ෂිකව ජීවිතක්ෂයට පත්වන බවට තොරතුරු වාර්තා වී ඇත. මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ සෞඛ්‍යමය හා සමාජීය හානි අවම කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.



























