මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලය මෙන්ම විවිධ වංචා සහ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ දේශපාලඥයන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව විසින් දේශපාලන පළිගැනීම් ලෙස හඳුන්වා දීමට උත්සාහ කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ අතර, එහිදී ඔහු අවධාරණය කළේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී තරාතිරම නොබලා කටයුතු කිරීම වත්මන් රජයේ ස්ථාවර ප්‍රතිපත්තිය බවයි.රට තුළ සිදුවන නීති විරෝධී ක්‍රියා සහ දූෂණ මැඩලීම සඳහා රජය ගෙන යන විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙළට කිසිදු පාර්ශ්වයකට අයුක්තිසහගත බාධා කිරීමට ඉඩ නොදෙන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.



























