වත්කම් තිබුණාට කමක් නැහැ, හැබැයි හැටි කියන්න ඕනේ: අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි ප්‍රකාශයක්

දේශපාලනඥයන් සතු දේපළ හා වත්කම් පවත්වාගෙන යාම ගැටලුවක් නොවන නමුත්, ඒවා උපයාගත් ආකාරය පිළිබඳව පැහැදිලි හා සාධාරණ හෙළිදරව්වක් තිබීම අත්‍යවශ්‍ය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. වත්මන් රජයේ සියලුම මැති ඇමතිවරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඕනෑම ජනතා නියෝජිතයෙකුට තම වත්කම් උපයාගත් ආකාරය ඔප්පු කිරීමට නොහැකි වන්නේ නම් එය බරපතල ගැටලුවක් බවත්, ඒ පිළිබඳව තීරණය කිරීමට මහජනතාවට අයිතියක් ඇති බවත් සඳහන් කළේය.​මෙහිදී අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ වත්කම් සම්බන්ධයෙන් මෑතකදී එල්ල වූ චෝදනා පිළිබඳව ද අදහස් දැක්වුණු අතර, අදාළ අසත්‍ය ප්‍රචාර සිදු කළ පෞද්ගලික රූපවාහිනී නාලිකාවට එරෙහිව ලාල් කාන්ත මහතා දැනටමත් එන්තරවාසියක් යවා ඇති බව නලින්ද ජයතිස්ස මහතා අනාවරණය කළේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ අමාත්‍යවරයා සූදානමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,143

Leave A Reply

Your email address will not be published. Required fields are marked *