වනවාසල දුම්රිය අනතුර සිදු වූ ස්ථානයේ රේල් පීලි ඇණ ගැලවූ පුද්ගලයෙකු අත්අඩංගුවට

අද (16) උදෑසන වනවාසල ප්‍රදේශයේ සිදු වූ දුම්රිය අනතුරට පෙර, එම ස්ථානයට ආසන්න දුම්රිය මාර්ගයේ රේල් පීලි ඇණ ගලවන ලද බවට සැකකෙරෙන පුද්ගලයෙකු පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වනවාසල සහ කැලණිය දුම්රිය ස්ථාන අතර මාර්ගයේ මෙම විනාශකාරී ක්‍රියාව සිදු කර ඇති බවට සැකකෙරෙන මොහු, තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.​දුම්රිය ධාවනයට දැඩි තර්ජනයක් එල්ල කරමින් සිදු කර ඇති මෙම අපරාධයට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවෙකු සිටින බවට පොලිසිය සැකකරයි. ඒ අනුව, එම අනෙක් පුද්ගලයාද කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ පොලිසිය මේ වන විට පුළුල් විමර්ශන මාලාවක් ආරම්භ කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,144

Leave A Reply

Your email address will not be published. Required fields are marked *