ව්‍යාජ GovPay වෙබ් අඩවියක් හරහා සිදුවන රථවාහන දඩ මුදල් වංචාවක් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

රථවාහන නීති උල්ලංඝනය කළ රියදුරන් ඉලක්ක කරගනිමින් මෙරට තුළ ඉතා සූක්ෂම මූල්‍ය වංචාවක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට දැනුම් දෙයි. වංචාකරුවන් විසින් කෙටි පණිවුඩ (SMS) සහ වට්ස්ඇප් (WhatsApp) මාර්ගයෙන් රියදුරන් වෙත ව්‍යාජ තොරතුරු යොමු කරමින් මෙම ජාවාරම මෙහෙයවන බව අනාවරණය වී ඇත.​මෙහිදී රජයේ නිල ‘GovPay’ වෙබ් අඩවියට බෙහෙවින් සමාන අයුරින් සකස් කළ ව්‍යාජ වෙබ් පිටුවක් දඩ මුදල් අයකර ගැනීම සඳහා මොවුන් භාවිත කරයි. පෙනුමෙන් නිල වෙබ් අඩවියක් ලෙසම දිස්වන බැවින්, සාමාන්‍ය ජනතාව ඉතා පහසුවෙන් මෙයට රැවටීමේ දැඩි අවදානමක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පෙන්වා දෙයි.​මේ හේතුවෙන් රථවාහන දඩ මුදල් අන්තර්ජාලය හරහා ගෙවීමේදී, අදාළ වෙබ් අඩවියේ විශ්වාසනීයත්වය පිළිබඳව දෙවරක් සිතා බලා කටයුතු කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන්ම හඳුනා නොගත් අංකවලින් ලැබෙන සබැඳි (Links) ක්ලික් කිරීමෙන් වළකින ලෙසත්, ඕනෑම ගෙවීමක් කිරීමට පෙර එය රජයේ නිල වෙබ් අඩවියක් දැයි තහවුරු කරගන්නා ලෙසත් අවධාරණය කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,162

Leave A Reply

Your email address will not be published. Required fields are marked *