වාරිමාර්ග ඉංජිනේරු සහකාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

මෙවර අයවැයෙන් දීමනා ලබාදීමේදී තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් අද (14) සහ හෙට (15) සතිඅන්ත රාජකාරීවලින් ඉවත්වීමට වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.​ඇතැම් පිරිස් වෙත පමණක් දීමනා ලබා දී තම නිලධාරීන් නොසලකා හැර ඇති බවට චෝදනා කරන එම සංගමයේ ලේකම් එස්. ඒ. ආර්. කේ. සුබසිංහ මහතා, එළඹෙන 16 සහ 17 යන දිනවල සියලුම ඉංජිනේරු සහකාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකද නිරත වන බව සඳහන් කළේය.​මෙම ගැටලුව සඳහා බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේදී දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ඇතුළු දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බවද සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,422

Leave A Reply

Your email address will not be published. Required fields are marked *