කුලියාපිටිය තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මඟින් මෙහෙයවනු ලබන සිව් අවුරුදු පූර්ව සේවා අධ්‍යාපනවේදී (ඉංග්‍රීසි මාධ්‍ය) උපාධි පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කර තිබේ. ඒ අනුව, මීට පෙර ජූනි 10 වැනිදායින් අවසන් වීමට තිබූ කාලසීමාව 2026 ජූනි 17 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත. 2024 වසරේ අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල පදනම් කර ගනිමින් මෙවර ශික්ෂණලාභීන් 210 දෙනෙකු බඳවා ගැනීමට නියමිත අතර, මෙහි ප්‍රධාන අරමුණ වන්නේ අධ්‍යාපන පද්ධතියට ගුණාත්මක ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් පිරිසක් දායාද කිරීමයි.සුදුසුකම් සපුරා ඇති අපේක්ෂකයින්ට මේ සඳහා මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. නියමිත උපදෙස් මාලාව අනුගමනය කරමින්, දීර්ඝ කරන ලද අවසන් දිනය වන 2026 ජූනි 17 වැනිදාට පෙර සියලුම අයදුම්පත් නිවැරදිව යොමු කරන ලෙස අදාළ බලධාරීන් අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී.



























