විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් රජය මේ වන විට වැඩිදුර අධ්‍යයනයක නිරත වෙමින් සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. මෙම යෝජනාව සමාජීය සහ නීතිමය වශයෙන් ඇති කළ හැකි බලපෑම් පිළිබඳව පුළුල් ලෙස සොයා බැලීම රජයේ අපේක්ෂාවයි.මේ සම්බන්ධයෙන් වන කරුණු සහ වාර්තා ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්‍යාංශය වෙත වගකීමක් පවරා ඇති බව අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේය. අදාළ අධ්‍යයන වාර්තාව ලැබීමෙන් අනතුරුව, ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ගැනීමට නියමිත බව මෙහිදී අනාවරණය විය.























